Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th November 2020 09:47:31 Hours

කොවිඩි-19 රෝගයෙන් ආරක්‍ෂාවිම සදහා පෝස්ටර් මගින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් 652 බළසේනා භඨපිරිස් විසින් සිදුකරයි

කොවිඩි - 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්විම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සහ මිනිසුන්ගේ සෞඛ්‍යයට එහි තීරණාත්මක බලපෑම පිළිබදව සිවිල් වැසියන් දැනුවත් කිරිමේ අරමුණින් 652 පාබල බළසේනාවේ භඨපිරිස් විසින් පෝස්ටර් ව්‍යාපාරයක් අක්කරායන්කුලම්, ආනවිලන්දන්කුලම්, කොනාවිල්, ස්කන්ධපුරම් සහ උනියන්කුලම් කාර්මික මාධ්‍ය ආයතනය ඇතුලු ප්‍රදේශ ආවර්ණය වන පරිදි 2020 නොවැම්බර් මස 06 වන දින සිදු කළහ.

652 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පීගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන දියත් කල අතර මේ සදහා අවශ්‍ය පොස්ටර් කොළඔ කොවිඩි - 19 වැළැක්විමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා ලදි.