Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st May 2021 10:02:40 Hours

කොවිඩ් - 19 වෛරසය තුරන් කිරිමට කිළිනොචිචි භඨපිරිස් සහයවෙයි

මේ වන විට රට තුල වේගයෙන් ව්‍යාප්ත වන කෝවිඩ් - 19 වෛරසයේ තුන්වන රුල්ල මැඩපැවැත්වීමට සහ ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වය හා සාමාන්‍ය ජනජිවිතය පවත්වාගෙන යෑම සදහා රජය උපරිම උත්සහයක් දරයි. එහිදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාව මේ වන විට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් සිටින්නේ කොව්ඩ් - 19 පැතිරීයාම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ මඟ පෙන්විම මතය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ අධික්ෂණය හා මඟ පෙන්විම මත කෝවිඩ් - 19 පැතිරීම වැලැක්වීමට සහ ප්‍රදේශයේ සෟඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහය වීම සදහා කිළිනොචිචි භඨපිරිස් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

කොවිඩ් - 19 පාලනය කිරිම සදහා රජය විසින් පනවා ඇති විවිධ ක්‍රියාමාර්ගයන් සහ සීමාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරිම සහතික කිරිම සදහා භඨපිරිස් විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ස්ථාපිත විශේෂ ධාවන පැදි ඛණ්ඩය විසින් මුර සංචාර, නිරන්තර පරික්‍ෂාවන්, හදිසි උෂ්ණත්ව පරික්‍ෂාවන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කිරිමට මහජනතාව දැනුවත් කිරිම් සිදු කරනු ලබයි.

එමෙන්ම කොවිඩි -19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සදහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිබඳ ජනතාව දැනුවත් කිරිම සදහා හදුනාගත් එක්රුස්වීමේ ප්‍රදේශ වල භඨපිරිස් යෙදවීම සිදු කරනු ලබයි. තවද කිළිනොචිචි නගරය තුල ස්ථානගත කර ඇති පුළුල් තිර භාවිතා කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව කිළිනොචිචි ජනතාව දැනුවත් කරනු ලබයි. තවද කොවිඩ් - 19 ආසාධිත රෝගින්ට ප්‍රතිකාර ලබාදීම සදහා යුද්ධ හමුදාධිපතිවරයාගේ මඟ පෙන්වීම මත ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපතිගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා භඨපිරිස්ගේ ශ්‍රම දායකත්වය මත ඉදි කරන ලද ඇඳන් 750 කින් යුතු අතරමැදි සත්කාර මධ්‍යස්ථාන 03 ක් ( භාරතිපුරම් ඇඳන් 350 ක්, මුරුකණ්ඩි ඇඳන් 200 ක් සහ පරන්තන් ඇඳන් 200 ක්) ස්ථාපිතකර ඇත.

කොවිඩ් - 19 වෛරසය තුරන් කිරිම සදහා උපරිම වැළැක්වීමේ පියවරයන් ගන්නා ලෙස ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති භඨපිරිස් වෙත නිසි උපදෙස් ලබාදුන්නේය. තවද සිවිල් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු සිදු කරන්නේද යන්න සිදු කරනු ලබන අධික්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන ලෙසත් ආඥාපති නියෝග කරන ලදි. ශ්‍රි ලංකා පොලීසිය හා අනෙකුත් අදාල සෞඛ්‍ය බළධාරින් සමඟ සම්බණ්ධිකරණය පවත්වා ගනිමින් පවතින සියලු සම්පත් සහ වැඩි භඨපිරිසක් උපයෝගිකර ගනිමින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන් සිදු කිරිමට සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරින් සහ නිළධාරින් මෙම උත්සාහය අඛණ්ඩව සාර්ථකව සිදුකරමින් සිටිති.