Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 15:27:29 Hours

කොකාවිල් බහු ක්‍රියාකාරී සම්ප්‍රේෂණ කුළුනේ ආරක්‍ෂාව තර කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩීසී අයිජී 2020 අගෝස්තු මස 13 වන දින සිය බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත වූ අතර එහිදී ආඥාපතිතුමන් විසින් බහු ක්‍රියාකාරී සම්ප්‍රේෂණ කුළුනේ ආරක්‍ෂව තර කිරිමට උපදෙස් ලබාදී ඇත. 57 වන සේනාංකයේ අණදෙන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීජීඑස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ අධීක්‍ෂණය යටතේ පැවති මෙම වැඩමුළුව 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ දේශණ ශාලාවේදී පවත්වනු ලැබූ අතර එහි ප්‍රායෝගික පුහුණුවීම් සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ පවත්වන ලදී.