Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th April 2021 16:23:13 Hours

කිළිනොචිචි භඨපිරිස් හට GIS පිළිබඳ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ මගපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි විසින් භූගෝලීය තොරතුරු පද්ධතියේ (GIS) මුලික භාවිතය පිලිබඳ දින දෙකක වැඩමුළුවක් 2021 මාර්තු මස 30 සහ 31 යන දිනවල රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනය කොකාවිල් හීදි පැවැත්විනි.

වැඩසටහනේ පරමාර්ථය වූයේ ප්‍රායෝගික අංශයන්ට අනුරූපව සිතියම්ගත කිරිම සහ දත්ත ගබඩා කිරිමේ පද්ධති මත පදනම්ව ගෝලීය තොරතුරු පද්ධතිය සහ ඒ ආශ්‍රිත යෙදුම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව නිළධාරින් සහ සෙබළුන් හුරු කරවිමයි. බ්‍රිගේඩියර් (වාර්තා හා සැලසුම්) පර්යේෂණ, විශ්ලේෂණය, ප්‍රක්ෂේපන හා සංවර්ධන ශාඛාවේ බ්‍රිගේඩියර් එස්ඩි උදයසේන ආර්එස්පී විසින් මෙම වැඩමුළුව පවත්වන ලදි. මෙම වැඩමුළුව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි, යාපනය සහ මුලතිව් හි මාණ්ඩලික නිළධාරින්, නිළධාරින් සහ සෙබළුන් සහභාගිවිය.