Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th January 2021 11:51:02 Hours

කිළිනොචිචි භඨපිරිස් විසින් වියලි සලාක අඩංගු පාර්සල් 1000 ක් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ මගපෙන්වීම මත සිංගප්පූරුවේ බුද්ධ විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය ගාල්ලේ උදිත හිමිපාණන්, පුජ්‍ය බලංගොඩ බුද්ධගෝෂ හිමිපාණන් සහ සිංගප්පුරුවේ බෞද්ධ සංගමයේ සාමාජිකයින්ගෙන් ලැබුණු පරිත්‍යාගය මත කොවිඩි - 19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් ජීවනෝපායන් අහිමිව දුෂ්කරතාවයන්ට පත්ව සිටින පවුල් සදහා තෛයිපොංගල් උත්සවය සැමරීමට සහනයක් වශයෙන් මෙම ආහාර පාර්සල් ලබාදීම සිදුකරන ලදි.

මෙම වැඩසටහන සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත්යාපා, 571 සහ 662 පාබල බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරින් සහභාගි වනලදි.

.

මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරිම සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් සෝමවීර සහ ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ ලුතිතන් කර්නල් ලාල් කිත්සිරි පුර්ණ සහයෝගය ලබා දුන්නේය.