Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th June 2021 11:30:51 Hours

කිළිනොචිචි භඨපිරිස් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක

කිළිනොචිචි රුධිර බැංකුව කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දකවමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ මඟ පෙන්විම මත ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බළ ප්‍රදේශයේ රාජකාරි නියුතු භඨ පිරිස් විසින් තම ස්වේච්ජාවෙන් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2021 මැයි මස 17 වන දින යුද්ධ හමුදා මුලික රෝහල කිළිනොචිචි හිදි පවත්වන ලදි.

රුධිර තොගවල පවතින හිඟකම අවම කිරිමේ අරමුණින් පැවැත්වුනු මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරුනු අතර මෙම අවස්ථාව නිරික්‍ෂණය සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති සංචාරයකද නිරත විය. මෙම වැඩසටහන සදහා කිළිනොචිචි රුධිර බැංකුවේ වෛද්‍ය නිළධාරි වෛද්‍ය නෙත්මා විජේතිලක ඔහුගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ කිළිනොචිචි මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

මෙහිදි සියයකට ආසන්න භඨපිරිසක් රුධිරය පරිත්‍යාග කිරිම සදහා සහභාගි වු අතර වැඩසටහන අවසානයේදි කිළිනොචිචි දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් කිළිනොචිචි දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජිවිත බෙරා ගැනිම සදහා යුද්ධ හමුදා සෙබළුන් විසින් සිදු කල පරිත්‍යාගසීලීත්වය අගය කිරිමට අමතක නොකලේය.