Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th March 2021 14:35:41 Hours

කිළිනොචිචි භඨපිරිස් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ මගපෙන්වීම මත කුරුවිට ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලි පවුලකගේ අනුග්‍රහයෙන් 2021 මාර්තු මස 20 වන දින කිළිනොචිචි ප්‍රදේශයේ ළමුන් අතර පාසල් උපකරණ 250 කට වැඩි ප්‍රමානයක් බෙදාදීම සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සමන් ලියනගේ ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කුරුවිට පදිංචි තරංග මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙම පරිත්‍යාගයට දායක විය. එළබෙන සිංහල හා හිංදු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිදු කරනු ලැබු මෙම වැඩ සටහන දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින පවුල් වල ළමුන් අතර පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදි.

පරිත්‍යාගසීලීන් සමග සම්බන්ධ වෙමින් මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරිම සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ප්‍රධාන සිවිල් සම්බන්ධිකාරක ලුතිතන් කර්නල් ලාල් කිත්සිරි පුර්ණ සහයෝගය ලබා දෙන ලදි.