Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th June 2021 22:15:40 Hours

කිළිනොචිචි භඨපිරිස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ලබා ගැනිමට සහය වෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බල ප්‍රදේශයේ රාජකාරි නියතු භඨපිරිස් විසින් යුද්ධ හමුදා බස් රථ සහ ලංගම බස් රථ යොදා ගනිමින් කිළිනොචිචි දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුප් ගැනිම සදහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීම 2021 ජුනි මස 10 වන දින සහ 11 වන දින සිදු කරන ලදි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි පනවා ඇති සංචරන සීමා හේතුවෙන් විශ්‍රාමලාභින් හට තම විශ්‍රාම වැටුප ලබා ගැනිම සදහා ඇති දුශ්කර තාවයට විසදුමක් ලෙස තම විශ්‍රාම වැටුප පහසුවෙන් යුතුව ලබා ගැනිමට උපකාර කිරිම මෙහිදි සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ පුර්ණ මගපෙන්වීම හා අධික්‍ෂණය මත මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරුනි.