Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th January 2021 11:54:13 Hours

කිළිනොචිචි භඨපිරිස් කඩා යෑමට සුදානම්ව තිබු වැව් බැම්ම සකසයි

විශාල වගාබිම්, ගොවිතැන් සහ පහත්බිම් යටවී සිදුවිමට තිබු විශාල ව්‍යෂනයක් වලක්වාගනිමින් 2021 ජනවාරි 21 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයට අයත් 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ සහ 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් එක්ව හදිසියේම ජල කාන්දුවකට ලක්වු කන්දන්කුලම් වැව් බැම්ම පැය හයකටත් වඩා අඩු කාලයකදි අලුත් වැඩියා කිරිම සිදු කරන ලදි. පසු ගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම පිටාර මට්ටමට පැමිනීමත් සමග වැව්බැම්ම සිදුරු වී ජල කාන්දුව සිදු විය.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ උපදෙස් මත 571 වන පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ සහ 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරින් වහාම ක්‍රියාත්මක වී සිදු වීමට ගිය විශාල ව්‍යසනයක් වලක්වා ගන්නා ලදි. කිළිනොචිචි ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ තාක්ෂණික නිළධාරින්ගේ සහය ඇතිව මෙය සිදුකල අතර මේ සදහා ප්‍රදේශයේ ගොවීන් සහ සිවිල් වැසියන් පිරිසක්ද සහභාගි විය.

ගොවි සමිතියේ සභාපතිවරයා සහ ගම්වාසින් යුද්ධ හමුදාව විසින් සිදුකල මෙම සේවාවට ඔවුන්ගේ ස්තුතිය පුද කරන ලදි.