Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th June 2021 22:09:37 Hours

කිළිනොචිචි භඨපිරිස් අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ මගපෙන්වීම මත පේරාදෙනිය ශ්‍රි සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පරිත්‍යාගශීලිත්වයෙන් කිළිනොචිචි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 75 ක් සදහා රුපියල් 2000.00 කට වැඩි වටිනාකමකින් යුතු වියලි ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් 2021 ජුනි මස 10 වන දින සිදු කරන ලදි.

පරිත්‍යාගශිලීන් සමග සම්බන්ධ වෙමින් මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරිම සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ප්‍රධාන සිවිල් සම්බන්ධිකාරක ලුතිතන් කර්නල් ලාල් කිත්සිරි පුර්ණ සහයෝගය ලබා දෙන ලදි.