Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th March 2021 10:19:15 Hours

කිළිනොචිචි භඨ පිරිස් විසින් රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

රුධිර තොගවල හිගකම පිළිබඳව කිළිනොචිචි රුධිර බැංකුව කළ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බල ප්‍රදේශයේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2021 මාර්තු මස 18 වන යුද්ධ හමුදා රෝහල කිළිනොචිචි හිදි පවත්වන ලදි.

රුධිර පාරවිලන වෛද්‍ය වරයෙකු වන යශෝධ තිලකරත්න, වෛද්‍ය බිඅයි කුමාර, වෛද්‍ය එන් විජයතිලක සහ දිස්ත්‍රික් මහ රෝහල නිළිනොචිචි වෛද්‍ය කාර්යමණ්ඩලය මෙම ව්‍යාපෟතිය මෙහෙය වීමට සහය වූහ. ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති, බ්‍රිගේඩියර් පාලන භඨකාර්ය සම්පාදන, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙබළුන් මෙන්ම ප්‍රදේශයේ දමිළ සිවිල් වැසියන්ද සිය ලේ පරිත්‍යාග කිරිමට ස්වේචිජාවෙන්ම ඉදිරිපත් විය.

මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරිම සදහා බ්‍රිගේඩියර් පාලන භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ සහ ප්‍රධාන සිවිල් සම්බන්ධිකාරක ලුතිතන් කර්නල් ලාල් කිත්සිරි පුර්ණ සහයෝගය ලබා දෙන ලදි.

වැඩසටහන අවසානයේදී රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය ජිවිත බෙරාගැනීම සඳහා හමුදාව ලබා දුන් ත්‍යාගශීලීභාවය අගය කළේය.