Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 19:33:36 Hours

කිළිනොචිචි භටපිරිස් අඩු ආදායම්ලාභි පවුලක් සදහා නව නිවසක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ රජයේ ප්‍රතිසංදාන ක්‍රියාවලියට විධිමත් කිරිමේ අරමුණින් 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් රාසයියා රාජෙශ්වරන් මහතාට නව නිවසක් සදා පරිත්‍යාග කිරිම කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 12 වන දින සිදු කරන ලදි.

ජාතින් අතර සුහඳ තාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව සිදු කරන ලද මෙම වැඩසටනේදි නව නිවසට අවශ්‍ය ගෟහඋපකරණ පරිත්‍යාග කිරිමද සිදු කල අතර 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් ලලිත් ඈපා ගේ අධික්‍ෂණය යටතේ ඒකක භඨපිරිස් විසින් නිවස ඉදිකිරිම සිදු කල අතර ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්කලේය.

හිංදු සම්ප්‍රධානුකූලව සිදු කරන ලද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, කරචිචි සහ කන්ඩාවලෙයි ප්‍රාදේශිය ලේකම්, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 571 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දම්මික වෙලගෙදර, , 573 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනොජ් මදුරප්පෙරුම, නිළධාරින් සහ භඨපිරිස්ගේ සහභාගිත් වයෙන් සියලු සෟඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවෙදයන්ට අනුකූලව සිදු කරන ලදි.

වැඩසටහනේදි අදහස් ප්‍රකාස කරමින් ප්‍රාදේශිය ලේකම්වරයා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද මෙවැනි වැඩසටහන් වලට සතුතිය පිරිනැමු අතර එමෙන් ප්‍රදේශයේ නිතිවිරෝධි ක්‍රියාකාරකම් වැලැක්වීම සදහා යුද්ධ හමුදාවේ දායකත්වය අගය කරන ලදි.