Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th January 2021 11:41:31 Hours

කිළිනොචිචි දිස්ත්‍රික් කොවිඩ්-19 සම්බන්ධිකාරකගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානින් සමග සාකචිචිජාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ කිළිනොචිචි දිස්ත්‍රික් කොවිඩි - 19 පැතිරීම වැළැක්වීමේ සම්බ්න්ධිකරණ නිළධාරි ලෙස වැඩ භාරගැනීමෙන් පසු ප්‍රදෙශයේ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය සහ ඒ සැබැදි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකචිජා කිරිම සදහා විශේෂ සම්බන්ධිකරණ සමළුවක් 2021 ජනවාරි මස 05 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචිහීදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති සහ කිළිනොචිචි දිස්ත්‍රික් ලේකම් ආර් කේතීස්වරන් මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනේදී කොවිඩි - 19 පැතිරීම වැලැක්වීමේ යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එන් සර්වනාබවන් මහතා විසින් කිළිනොචිචි දිස්ත්‍රික්කයේ පහසුකම් සහ ප්‍රතිකාර ප්‍රතිපත්තිය, නීරෝධායන පුද්ගලයින්ගේ නිරෝධායන ප්‍රතිපත්තිය සහ අධික්‍ෂණ ප්‍රතිපත්තිය, වර්තමාන නිරෝධායන තොරතුරු පිළිබඳ විස්තර කළ අතර වැඩසටහන අතරතුර වැඩි දුරටත් සාකචිජාව මෙහෙයවමින් දිස්ත්‍රික් සම්බන්ධිකාරක විසින් ප්‍රාදේශිය හුදකලා කිරිමේදි අනුගමනය කලයුතු කරුණු පිළිබඳ ගැඔුරින් සාකච්ජා කරන ලදි. නිරෝධායන ඇදිරිනීතිය සහ අගුළු දැමිමේ ප්‍රතිපත්තිය, අහඔු පීසීආර් සහ ප්‍රතිදේහජනක පරික්‍ෂණ පැවැත්වීම ඖෂධ සහ උපකරණ සැපයීම, වියළි සලාක සහ වෙනත් අත්‍යවශ්‍ය දුව්‍ය සැපයීම, නිරෝධායන පනත උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරිම යන කරුණු සාකචිජා කෙරුණි.

කිළිනොචිචි දිස්ත්‍රික් අතිරේක ලේකම් කේ ශ්‍රිමොහාන් මහතා, සියලුම ප්‍රාදේශිය ලේකම් වරුන්, කිළිනොචිචි දිස්ත්‍රික් සෟඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක, කරචිචි, පුනගරි සහ පලෙයි, ප්‍රාදේශිය සභා අධ්‍යක්‍ෂ කිළිනොචිචි සහකාරක කොමසාරිස්, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 571 සහ 661 පාබල බළසේනාවල බළසේනාධිපති වරුන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරින් සහභාගිවිය.