Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th April 2021 11:11:14 Hours

කිළිනොචිචි ආඥාපති බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ පුහුණු සමාරම්භක අවස්ථාවට එක්වෙයි

උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහතුල බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ක්‍රිඩා දැනුම වර්ධනය කිරිමේ අරමුණින් උතුරු පලාත් බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහන උතුරු පලාත් බැඩ්මින්ටන් සංගමය එක්ව 2021 අප්‍රේල් 06 සහ 07 යන දිනවල කිළිනොචිචි ගෟහස්ත ක්‍රිඩාංගනයේදි පවත් වන ලදි.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ මෙන්ම ශ්‍රි ලංකා බැට්මින්ටන් සංගමයේ සභාපති, පුහුණු හා ප්‍රවර්ධන කමිටුවේ සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා සහභාගිවිය. එමෙන්ම මේ වන විට දිස්ත්‍රික් පුහුණු කරුවන් ලෙස කටයුතු කරන 40 දෙනෙකු සහ ප්‍රදේශයේ ශාරිරික අභ්‍යාස උපදේශකයින් මෙම වැඩසටහනට එක් වු අතර ශ්‍රි ලංකා බැඩ්මින්ටන් ඉහල තලයට ඔසවා තැබිමේ උත්සහයේ කොටසක් ලෙස පලාත් මට්ටමින් බැඩ්මින්ටන් ක්‍රිඩාව සංවර්ධනය කිරිම මෙහි අරමුණ විය.

පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා උතුරු පලාත් බැඩ්මින්ටන් සංගමයේ ගරු සභාපති එන්ජේ ගනපොනරාජ්, ගරු ලේකම් එම්ජේඑස් ප්‍රින්ස්ලි ලැම්බර්ට් මහතා සහ අනෙකුත් ක්‍රිඩා සමාජිකයින් මෙන්ම 573 වන පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම, 571 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.