Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th September 2018 15:42:45 Hours

කිළිනොච්චියේ රාජකාරි නියතු නිලධාරීන් සඳහා ඉංග්‍රිසි පාඨමාලා අධියර දෙකක් සාර්ථකව නිම කරන ලදි

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරි නියතු අණදෙන නිළධාරීන්,නිළධාරින් නිළධාරිණියන් සඳහා පළමු සහ දෙවන අදියර වශයෙන් ඉංග්‍රිසි පාඨමාලා 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත 2018 අගෝස්තු මස පවත්වන ලදි.

පළමු අදියර 2018 අගෝස්තු මස 17 වන දින සහ දෙවන අදියර වශයෙන් 2018 අගෝස්තු මස 27 වන දින සිට 31 වන දින දක්වා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සදහා නිළධාරී/නිළධාරිණියන් 14 දෙනෙකු සහභාගී වූහ. කිළිනොච්චි සහායෝගිතා සංකීර්ණයේ දී දෙවන අදියර වශයෙන් පැවත්වු පාඨමාලාව සදහා මනෝරංජනි මනෝහරන් මහත්මිය දේශන සහාය ලබා දෙන ලදී.

සමාරම්භක උත්සවය සදහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති අණදෙන නිලධාරී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.