Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th October 2019 16:40:51 Hours

කිලිනොචිචිය යුද්ධ හමුදාව විසින් දිලිදු පවුලක් සදහා කජු පැල බෙදා දෙයි

65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ මග පෙන්විම මත 651 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් ඒ සි එන් වරකාගොඩ පිඑස්සිගේ අධික්‍ෂණය යටතේ 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සහභාගිත්වයෙන් 2019 ඔක්තොබර් මස 22 වන දින පල්ලවරයන්කඩ්ඩු, සොලයිනෙලා ගම්මානයේදි කජු පැල බෙදාදිමේ උත්සවයක් පවත්වන ලදි.

සොලයිනෙලා ගම්මානයේ ජිවත්වන කේ කමලේන්ද්‍රන් මහතා සහ ඔහුගේ පවුලේ ජිවන තත්වය නගාසිටුවිමේ අදහසින් 65 වන සේනාංකයේ සේනංකාධිපති විසින් කජු පැළ 300 ක් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සෙසු නිලයින් සහ සිවිල් වැසියන් සහභාගිවන ලදි.