Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th July 2018 07:26:13 Hours

කිලිනොචිචිය යුද්ධ හමුදා භටපිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් සිදුකිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ අධික්ෂණය යටතේ 2018 ජුලි මස 05 සහ 07 වන දිනයන්හිදි එම සේනාංක බළප්‍රදේශය තුල ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදි.

මෙහිදි 15 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කන්සපුරම් පුල්ලයාර් කෝවිල පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කර ඇති අතර, 1 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කොඩ්ඩිකඩිඩියාර්කුලම් සිට අම්බලපෙරුමාල්කුලම් දක්වා මාර්ගය පුළුල් කිරිමේ කටයුතු සිදු කරන ලදි.

තවද 10 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඔඩාරුත්තුකුලම් රාධම් පෙර පාසල සහ එහි අවට පිරිසිදු කර අතර, එම ශ්‍රමදාන වැඩසටහන් සදහා භට පිරිස් 150 දෙනෙකු සහභාගි වන ලදි.