Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 11:45:52 Hours

කිලිනොච්චියෙහි භට පිරිස් එච්අයිවී සහ ඒඩ්ස් රෝග පිලිබද දැනුවත් වේ

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත ලෝක එච්අයිවී ඒඩ්ස් දිනයට සමගාමීව පවත්වනු ලැබූ දේශණයක් 2019 දෙසැම්බර් මස 09 වන දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම දේශණය සදහා යුධ හමුදා නිලධාරීන් ඇතුළු යුධ හමුදා සාමාජිකයින් 700කට වැඩි පිරිසක් සහභාගී වන ලදී. මෙම දේශණය කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය චතුරිකා වික්‍රමරත්න මහත්මිය සහ වෛද්‍ය උපදේශක වෙනරෝලොජිස්ට් මහතා මෙහෙය වන ලදී.