Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th December 2019 22:16:23 Hours

කිලිනොච්චියෙහි ගංවතුරින් පීඩාවට පත් ජනතාව වෙත ආහාර පාන ලබා දෙයි.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කිලිනොච්චි ප්‍රදේශයෙහි වැව්වල ජලය කාන්දුවීම හේතුවෙන් නාච්චිකුඩා ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් පසු එම පීඩාවට පත් ජනතාව කඩිනමින් මුදා ගැනීමෙන් පසු ඔවුන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.

අනතුරුව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ අධීක්‍ෂණය යටතේ 651 වන බළසේනාවට අයත් 11 වන ගජබා රෙජිමේන්තුව, 19 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පීඩාවට පත් ජනතාව වෙත 2019 දෙසැම්බර් මස 06 වන දින ආහාර පාන ලබා දෙන ලදී.