Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th April 2020 11:33:02 Hours

කිලිනොච්චියෙහි අඩු ආදයම්ලාභී පවුල් සදහා පිසින ලද ආහාර පාර්සල් සහ වියලි සළාක මළු බෙදාදෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් මුළු දිවයිනටම පනවා ඇති ඇදිරි නීනිය හේතුවෙන් 66 වන සේනාංක බළ ප්‍රදේශයෙහි ශිවනගර්, පල්ලිකුඩා, පරන්තන්, කොල්ලකරච්චි සහ වෙඩ්ඩියකුරිච්චි යන ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් 26 ක් සදහා වියලි සලාක මළු සහ සිවිල් වැසියන් 180 දෙනෙකු සදහා පිසින ලද ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහකනක් 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව, 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, සහ 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන රෙජිමේන්තු විසින් සංවිධානය කර 2020 මාර්තු මස 26 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහන කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් ඩී විජේසුන්දර ආර්එස්පි ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නංවන ලදී.