Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th April 2020 11:29:51 Hours

කිලිනොච්චියෙහි අඩු ආදයම්ලාභී පවුල් සදහා පානීය ජලය සහ පිසින ලද ආහාර බෙදාදෙයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින කච්චුවරි, පුදියකොලානි, පනික්කකුලම් සහ ඕළුමඩු ප්‍රදේශයන්හි අඩු ආදයම්ලාභී පවුල් සදහා පිසින ලද ආහාර සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 571 බළසේනාංකයෙහි භට පිරිස් විසින් 2020 මාර්තු මස 26 වන දින පවත්වන ලදී.

ඊට සමගාමීව නව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැලැක්වීම සදහා සිවිල් වැසියන් දැනුවත් කිරිම වැඩසටහනක්ද, 571 සහ 572 වන බළසේනා මූලස්ථාන මගින් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී පී එස් ද සිල්වා ආර්එස්පි ගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරන ලදී.