Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2019 21:33:09 Hours

කිලිනොච්චිය හමුදාවේ සහය ඇතිව වෛද්‍ය සායනයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නු‍ගේරාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්‍ෂණයෙන් 572 බලසේනා මුලස්ථානය යටතේ පාලනය වන 14 වන ශ්‍රි ලංකා ජාතික අරක්‍ෂක බලමුලුවේ භට පිරිස් 3x15 සහභාගිත්වයෙන් පුලියන්පොක්කනෛ ග්‍රාමසේවා වසමට අයත් කලවෙට්ටිතීඩල් නාගෙශ්වරා විද්‍යාලයේදී වෛද්‍ය සායනයක් 2019 ජනවාරි මස 05 වන දින පවත්වන ලදි.

මේ සදහා 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනය පරිදි ඔස්ට්‍රිලියාවේ පදිංචිව සිට පැමිණි වෛද්‍ය බන්දුල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම වෛද්‍ය සායනය පවත්වන ලදි. එම වෛද්‍ය සායනය සදහා කිළිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය ගාන්දිපන් මහතා සහ වෛද්‍ය දනුෂ්ක මහතා ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි වු අතර, මේ සදහා සිවිල් වැසියන් 100 දෙනෙකු පමණ සහභාගි වන ලදි.