Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th June 2019 22:22:24 Hours

කිලිනොච්චිය හමුදාව විසින් නච්චිකුඩාහි මුස්ලිම් ජනයා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි සහ 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුමගේ උපදෙස් මත 651 වන බලසේනාව සහ 11 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සංවිධානයෙන් නාච්චිකුඩා ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ජනතාව අතර අන්නොන්‍ය අවබෝධය සහ සහජීවනය වැඩි දියුණු කිරීම සඳහා සුහද හමුවක් 2019.06.14 වන දින පවත්වන ලදි. මෙම අවස්ථාවට 500 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමා සදහා පැවැත්වු සාකච්ඡාවේදී මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධව ගැටළු, සමාජ ගැටලු සහ ඉඩම් ගැටළු ඉදිරිපත් කල අතර, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් එම ගැටළු සදහා කඩිනමින් විසදුම් ලබා දිමට කටයුතු කරන බව ප්‍රකාශකරණ ලදි. මෙම අවස්ථාව සදහා 651 වන බලසේනාවේ බලසේනාධිපති සහ මාණ්ඩලික නිලධාරී සහභාගි වන ලදි.