Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 18:05:41 Hours

කිලිනොච්චිය හමුදා භට පිරිස් තෛයිපොංගල් උත්සවය සමරයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම මත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් තෛයිපොංගල් උත්සවය සැමරිම සදහා කිලිනොච්චි කන්දසාමි කෝවිලේහි 2020 ජනවාරි මස 15 වන දින 0830 පැයට විෂේශ ආගමික වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සංහිදියාව සහ සහජිවනය ඇති කිරීමේ අරමුණින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සදහා 57 වන සේනාංකයේ සේනංකාධිපති, 571, 572 සහ 574 වන බලසේනාධිපති වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගිවු අතර, කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් 100 කට අධික සංඛ්‍යාවක් සහ සෙබළුන් 150 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

තවද, 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ උපදෙස් මත 651 සහ 652 වන බලසේනා මුලස්ථානයේ භට පිරිස් විසින් 2020 ජනවාරි මස 15 වන දින වෙල්ලන්කුලම් පුල්ලෙයාර් කෝවිල් සහ නාග අම්මාන් කෝවිලේ හි පැවති ආගමික වැඩසටහනට සහභාගී වූ බැතිමතුන්ට සුළු ආහාර සහ ප්‍රණීත ආහාර පිරිනමන ලදී.