Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th June 2019 22:30:56 Hours

කිලිනොච්චිය යුද හමුදාව විසින් පොසොන් උත්සවයක් සැමරිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මගපෙන්විම මත යුද හමුදා භට පිරිස් විසින් කිලිනොච්චි, මාන්කුලම් සහ මල්ලවි හි පොසොන් උත්සවයට සමගාමිව වැඩසටහන් මාලාවක් 2019 ජුනි මස 16 වන දින පවත්වන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවාවිතාරණ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ අධික්‍ෂණය යටතේ 571 වන බළසේනාවේ භට පිරිස් වෙතින් පොසොන් පහන් කුඩු ප්‍රදර්ශණයක් සහ දන්සල් (අයිස් ක්‍රිම්, බෙලිමල් සහ බිස්කට්) කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනය අසල පැවැත්වු අතර, 574 වන බලසේනාවේ භට පිරිස් වෙතින් මාන්කුලම් පන්සල ඉදිරිපිට මඤ්ඤොක්කා සහ බනිස් දන්සලක් පවත්වන ලදි.

මේ අතර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ අධික්‍ෂණය මත 65 වන සේනාංකය භට පිරිස්ගේ සංවිධානයෙන් මාල්ලාවිහිදි පොසෙන් දන්සලක් (බිස්කට්, බෙලිමල් සහ රණවරා) සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සදහා කිලිනොච්චිය, මාන්කුලම් සහ මල්ලාවි යන ප්‍රදේශයන්වලින් සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වන ලදි.