Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th April 2019 13:39:52 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් පවත්වනු ලැබු සිංහල හා හින්දු අළුත් අවුරුදු බක්මහ උළෙල

2019 සිංහල හා හින්දු අළුත් අවුරුද්ද තේමා කරගනිමින් ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත බක්මහ උළෙල 2019.04.09 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ක්‍රිඩාංගනයේදි අති උත්කරෂවත් අන්දමින් පවත්වන ලදි.

මෙම බක්මහ උළෙල ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ ඉනපෙ (කිලි) යටතේ රජකාරි නියුතු භඨපිරිස් ඇතුළු කිලිනොච්චි සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුවේ සාමාජිකයින් සහ සිවිල් වැසියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර, මෙහිදි ගැමි අසිරිය පිළිඹිබු කෙරෙන අංගයන් ලෙස පාළාත් වලට අනුව උතුරු, උතුරුමැද , දකුණු , මධ්‍යම , වයඹ යන පලාත් වලට අයත්ගැමි නිවාස ඉදිකර තිබු අතර, බක්මහ උළෙලේ අවුරදු චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් අවුරුදු ක්‍රිඩා හා විශේෂාංග රාශියකින් සමන්විත බක්මහ උළෙලේ අංගයන් ලෙස ගැමිගෙදර චාරිත්‍ර, ගම හරහා දිවීම, කොට්ටා පොර තරගය, කනාමුට්ටිය බිදිම, සැගවුණු අමුත්තා සෙවීම, කඹ ඇදිම, අඩුවේලාවක් තුල වැඩිපුර බත් කෑම, සෙමින් පාපැදි ධාවනය, බිත්තර ඇල්ලිම, බනිස් කෑම, බැළුන් පිපිරවීම, පොල් අතු විවිම, ග්‍රීස් ගස නැගීම, බාදක දිවිම, සංගීත පුටු තරගය, අලියට ඇස තැබීම, විකට ඇදුම් තරගය සහ අවුරුදු කුමරා/කුමරිය තේරිම වැනි ගැමි ක්‍රිඩා රාශියකින් සමන්විත වේ.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු අතර, 65 වන සේනාංකයන්හි සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරු, බළසේනාධි පතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිලධාරින් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය /ඉනපෙ (කිලි) යටතේ රාජකාරි නියුතු භඨපිරිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාරතමේන්තුවේ සාමාජික/ සාමාජිකාවන් සහ සිවිල් වැසියන් මෙම අවස්ථාව සඳහා සහභාගිවන ලදි. උත්සව කටයුතු නිමාවෙන් පසු මෙවැනි උත්සවයක් සංවිධානය කිරිම පිලිබදව සිවිල් වැසියන් විසින් යුධ හමුදාව වෙත ස්තුතිය පුද කරන ලදී.