Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 12:25:27 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති සිය ධුරයේ රාජකාරි අරඹයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 14 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී 2019 දෙසැම්බර් මස 24 වන දින ආගමික වතාවත් මධ්‍යයෙහි රාජකාරි ආරම්භ කළහ.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රධානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර, නව ආඥාපතිතුමන් සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද මධ්‍යයෙහි සිය කාර්යාලයේ දී පොල්තෙල් පහන දල්වා සිය දුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී. අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

අනතුරුව නව ආඥාපතිතුමන් සියලු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමෙන් පසු භට පිරිස් ඇමතීමද සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චිය ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිවරැන් ඇතුළු බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්, සහ ජෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.