Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd April 2019 10:59:19 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි 2019 මාර්තු මස 29 වන දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළහ.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර, නව ආඥාපතිතුමන් සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද මධ්‍යයෙහි සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා සිය දුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී. අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

තවද මෙම අවස්ථාවේදි තොරාගත් පවුල් හතරක් සදහා සුර්යකෝෂ බෙදාදුන් අතර, ඉන්පසු සියලුම නිලධාරින් සදහා නිලධාරි නිවස්නයේදි තේ පැන් සංග්‍රහයකටද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චිය ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 65 සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිවරැන් ඇතුළු බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්, සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.