Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 17:55:49 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය සංවිධානයෙන් ශ්‍රී ලංකාවාසි සැමටත් ඕස්ට්‍රේලියාවේ ඇති වු ලැව්ගින්නේන් මියගිය සහ විපතට පත්වු සියළුදෙනා හට ආශීර්වාද ලබා බෝධි පූජාම්‍ය වැඩසටහනක් පවත්වයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් 2020 ජනවාරි මස 14 වන දින මාන්කුලම් ශ්‍රී සුගතා විහාරයේ දී බෝධි පූජාවක් සංවිධානය කරන ලදී.

මාන්කුලම් ශ්‍රී සුගතා විහාරයෙහි ප්‍රධාන වත්මන් පූජ්‍ය හිගුරන්කන්දේ සුමන හිමියන් විසින් භට පිරිස් සඳහා පුජාවක් පැවැත්වු අතර, ශ්‍රී ලංකාවාසි සැමටත් ඕස්ට්‍රේලියාවේ ඇති වු ලැව්ගින්නේන් මියගිය සහ විපතට පත්වු සියළුදෙනා හට සෙත්පතා මෙම විශේෂ බෝධිපුජා පිංකමක් පවත්වන ලදි.

මේ සදහා කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසි පීඑස්සී, බලසේනාධිපති වරුන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගිවන ලදි.

මෙම අවස්ථාවට හමුදා භටපිරිස් 700 කට වැඩි පිරිසක් සහභාගී වන ලදි.