Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2019 14:48:43 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාවය විසින් සිවිල් වැසියන් සඳහා නීතිමය ආධාර ලබා දිමේ වැඩමුළුවක් පවත්වයි

සිවිල් වැසියන් සදහා නීති ආධාර ලබා දිමේ වැඩසටහනක් 2019 ජුලි මස 13 වන දින ආරම්භ කර 14 වන දින නෙලුම්පියාසා ශ්‍රවණාගාරයේදී අවසන් වු අතර, එහි දී සිවිල් වැසියන් 257 දෙනෙකු සදහා නොමිලේ උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලැබුණි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ ඉල්ලිම මත ශ්‍රි ලංකා නීතීඥයින්ගේ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළුව නිතිඥයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ මෝටර් රථ වාහන භාර සහ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නීතීඥවේදි අජිත් රෝහණ මහතා විසින් පහත සඳහන් විෂයන්ට ආදාලව කිලිනොච්චි දිස්ත්‍රික්කයෙහි වෙසෙන ජනතාව දැනුවත් කරන ලදි.

අපරාධ නඩු

ඉඩම් ආරවුල්

පවුල් ආරවුල

නඩත්තු නඩු

නීතිපති දෙපාර්තමේන්තුව

ළමා අපයෝජනය

කාන්තාවන්ගේ ගැටළු

මෝටර් රථ ගමනාගමනය

නීති ආධාර