Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th June 2020 19:03:36 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයට නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරියකු පත් වේ.

බ්‍රිගේඩියර් ඩිඑම්ඒපි දිසානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජුනි මස 03 වන දින සුභ මොහොතින් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාරගත් අතර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

නව රාජකාරි භාර ගැනිමේන් අනතුරුව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිළධාරින් විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුබපැතුම් එක් කළහ.