Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st March 2020 10:11:00 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමග සාකච්චාවක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි විසින් වේලන්කුලම් ප්‍රදේශයේ සංචාරය අතරතුර කිලිනොච්චි ප්‍රදේශයේ වර්තමාන ආරක්‍ෂක තත්වය සහ ඉදිරි සැලැසුම්පි ළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රදේශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්චාවක් 2020 මාර්තු මස 26 වන දින 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා 65 වන සේනාංකයේ සේනංකාධිපති, 651 වන බලසේනාවේ බලසේනාධිපති, බුවනෙක ශ්‍රි ලංකා නාවික හමුදා කදවුරෙහි අණදෙන නිලධාරි, මුලංකාවිල් පොලිස් ස්ථානාධිපති සහ කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයෙහි මාණ්ඩලික නිලධාරින් සහභාගි වන ලදි.