Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th June 2019 11:38:35 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන අන්තර් ඒකක ඒල්ලේ, කබඩි සහ කඹ ඇදිමේ තරගාවලියක් පැවැත්වීම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පුහුණු සැලැස්මට අනුව 57, 65 සහ 66 වන සේනාංකයන්ට අයත් භට පිරිස්ගේ සංවිධානයෙන් එල්ලේ, කබඩි සහ කඹ ඇදිමේ අවසාන මහ තරගාවලිය 2019.06.12 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

66 වන සේනාංකයේ සේනංකාධිපතිගේ මගපෙන්වීම යටතේ 662 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 1 වන ගජබා රෙජිමේන්තුවේ සංවිධානයෙන් අන්තර් ඒකක එල්ල් තරඟාවලිය පැවැත්වු අතර, කණ්ඩායම් 24 අතුරින් අවසන් වටය සදහා 9 වන සංඥ බලකාය සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව තරග වදින ලදි. ඒ අතරින් 9 වන සංඥ බලකාය විසින් ශූරතාවය හිමිකර ගන්නා ලදි.

65 වන සේනාංකයේ සේනංකාධිපතිගේ මගපෙන්වීම යටතේ 651 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 19 වන පාබල රෙජිමේන්තුවේ සංවිධානයෙන් අන්තර් ඒකක කඹ ඇදිමේ තරඟාවලිය පවත්වන ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී. වී. රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනමන ලදි.

මෙම අවස්ථාව සදහා 57 සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන් , ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගි විය.