Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 09:30:31 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) සහ එයට අයත් ඒකකයන්හි සංචාරය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි විසින් ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) සහ එයට අයත් ඒකකයන් වෙත 2019.06.14 වන දින සංචාරයක නිරත වන ලදි.

7 වන යුද්ධ හමුදා සේවා බළකාය වෙත පැමිණි කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති වෙත මුර සෙබළුන් පසු කර යාමක් (ඩ්‍රයිව් පාස්) පිරිනැමු අතර, 7 වන යුද්ධ හමුදා සේවා බළකායේ අණදෙන නිලධාරී විසින් ආඥාපතිතුමා පිළිගනු ලැබීය.

පසුව පිළිගැනිමේ කතාව ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) ආඥාපති විසින් පැවැත්වු අතර, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) යටතේ ඇති ඒකකයන් විසින් පිළිගැනිමේ කතාව තම ඒකක අණදෙන නිලධාරින් විසින් සිදු කරන ලදි. 7 වන හමුදා සේවා බළකායේ සෙබළුන් ඇමතිමක් සහ සියලුම නිලයන් සදහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.

ඉන් පසුව ආරක්‍ෂක සේනා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය), 5 වන පොලිස් හේවා බළකාය, 6 වන යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 7 වන විදුලි හා කාර්මික ඉංජිනේරු බලකාය සහ 11 වන ඉංජිනේරු සේවා බලකාය වෙත සංචාරය කරන ලදි. කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් සංකේතයක් ලෙස පැළ සිටුවූ අතර ඔහු එම ස්ථාන නැරඹීම සනිටුහන් කිරීම සඳහා අමුත්තන්ගේ පොතේහි ඔහුගේ අත්සන තබන ලදි.