Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th April 2019 15:07:27 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති 65 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය 65 වන සේනාංකය යටතේ පාලනය වන බලසේනා මුලස්ථාන සහ ඒ්කකයන්හි 2019 අප්‍රේල් මස 04 සහ 05 වන දිනයන්හිදි සංචාරයක නිරත විය.

65 වන සේනාංකයට පැමිණි කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති පිළිගනු ලැබුවේ 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුම විසිනි.

තවද 65 වන සේනාංකයේ පරිපාලන කටයුතු පිළිබදව කෙටි හැදින්විමක් කල අතර, මේ සදහා කර්නල් පාලන භාකාස නිලධාරි සහ 65 වන සේනාංකය යටතේ පාලනය වන බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහභාගිවන ලදි. පසුව ආඥාපතිතුමා විසින් භට පිරිස් ඇමතීමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ලදී. ඉන් අනතුරුව 65 වන සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද වාහන අංගනය විවෘත්‍ර කිරිම සහ අගුරු වියාපෘතියද නැරඹිම සදහා සහභාගි වන ලදි.

ඊලග පියවර ලෙස ආලන්කුලම් සහ මුලන්කාවිල්හි පිහිටි 651 සහ 653 වන බලසේනා මුලස්ථානයන් වෙත සංචාරය කරන ලදි. පසුව ආඥාපතිතුමා විසින් එම බලසේනා මුලස්ථානය යටතේ පාලනය වන 10 වන පාබල රෙජිම්න්තුව, 19 වන පාබල රෙජිම්න්තුව, 17 වන පාබල රෙජිම්න්තුව, 11 වන ගජබා රෙජිමෙන්තුව වෙත සංචාරය කරන ලදි.

තවද අප්‍රේල් මස 05 වන දින කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමා විසින් ආනවිලන්කුලම්හි පිහිටි 652 බළසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වු අතර, එහිදී කර්නල් ප්‍රභාත් කොඩිතුවක්කු විසින් තම බළප්‍රදේශයේ රාජකාරින් පිලිබද විස්තර ඉදිරිපත් කරන ලදි. පසුව 652 බළසේනා මූලස්ථානය යටතේ ඇති ඒකකයන් දෙකක් වන 20 වන විජයභාහු පාබල රෙජිමේන්තුව සහ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුලුවේ සංචාරය කිරිමෙන් අනතුරුව සියලු නිලයන් සමග තේ පැන් සංග්‍රහයකට සහ පැලයක්ද රෝපණයක් කල අතර, සංචාරකයාගේ පොතෙහි අත්සනක්ද තබන ලදී.