Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 17:48:43 Hours

කිලිනොච්චි හමුදා භට පිරිස් විසින් සිවනගර් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ නව පානීය ජල ටැංකියක් ස්ථාපනය කරයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත 66 වන සේනාංක මුලස්ථානය යටතේ ඇති 5 වන යාන්තික පාබල රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සහයෝගය ඇතිව සිවනගර් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා නව නල මාර්ග ජල පද්ධතියක් 2020 ජනවාරි මස 12 වන දින ස්ථාපනය කරන ලදි. දෙහිවල ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්‍ෂ කණ්ඩායම විසින් මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී. තවද, පාසලේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් විසින් යුද හමුදා සාමාජිකයින් විසින් ලබා දුන් සහයෝගය බෙහෙවින් අගයකොට සලකන ලදී.