Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th August 2018 17:58:40 Hours

කිලිනොච්චි සෙබළුන් සදහා සංගිත ප්‍රසංගයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 2018 අගෝස්තු මස 15 වන දින සෙබළුන්ගේ රසස්වාදය පිණිස සංගිත ප්‍රසංගයක් නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වු අතර ජ්‍යෙෂඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.