Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:33:13 Hours

කිලිනොච්චි සෙබළුන් විසින් සිදුකරනු ලබන සමාජසත්කාර වැඩසටහනක්

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මගපෙන්විම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ අධික්‍ෂණයෙන්, 651 සහ 652 වන බළසේනාවේ භට පිරිස් විසින් 2019 ජුනි මස 21 සහ 22 වන දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

651 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මුලන්කාවිල් පෙර පාසල අවට භුමිය සුද්ද පවිත්‍ර කර අතර, 652 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් තිරිමුරුකන්ඩි, අක්කරායන්කුලම් පාර දෙපස සුද්ද පවිත්‍ර කරන ලදි.

තවද, 653 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 10 වන පාබල හමුදාවේ භට පිරිස් විසින් සිවපුරම් ප්‍රජා ශාලාව අවට භුමිය සුද්ද පවිත්‍ර කර අතර, මේ සදහා යුධ හමුදා භට පිරිස් සහ සිවිල් වැසියන් 100 දෙනෙකු සහභාගි වන ලදි.