Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 09:02:27 Hours

කිලිනොච්චි සෙබළුන් විසින් සමාජ සත්කාර වැඩසටහනක් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවාවිතාරණ ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී ගේ මග පෙන්විම යටතේ 571 වන බලසේනාවේ බළසේනාධීපතිගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2019 අගෝස්තු 20 වන දින කිලිනොච්චිය පරවිපන්ජාන් ක්‍රීඩාංගණය සුද්ද පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙහි පරමාර්ථය වූයේ යුධ හමුදාව සමග ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ හදවත් දිනා ගැනීමයි. මෙම ශ්‍රමදාන වැඩසටහන 2 x 40 භට පිරිස්ගේ සහභාගීත්වයෙන් උදැසන 0830 පැය සිට 1230 පැය දක්වා පැවැත්විණි.