Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2019 14:08:03 Hours

කිලිනොච්චි සෙබළුන් විසින් සමාජ සත්කාර වැඩසටහනක් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ආර්.එස්.පී. ගේ මග පෙන්විම යටතේ 571 වන බලසේනාවේ බළසේනාධීපතිගේ අධීක්‍ෂණය යටතේ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2019 ජුලි 06 වන දින බාරතිපුරම් දුර්ගි අම්මාන් කෝවිල පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන මෙහෙයුමක් සංවිධානය කළේය.

මෙහි පරමාර්ථය වූයේ යුධ හමුදාව සමග ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ හදවත් දිනා ගැනීමයි. මෙම ශ්‍රමදාන වැඩසටහන 1 x 15 භට පිරිස්ගේ සහභාගීත්වයෙන් 0830 සිට පැය 1230 දක්වා පැවැත්විණි.