19th December 2018 13:15:36 Hours
උතුරු ප්‍රදේශයෙහි ආරක්ෂක හේතුන් මත යුධ හමුදාව පරිහරණය කරනු ලබු පුද්ගලික සහ රජයේ සතු ඉඩම් අක්කර 45.28ක භුමි ප්‍රමාණයක් 2018.12.19 වන දින කිලිනොච්චි සහයෝගිතා කේන්ද්රයෙහිදි කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් හට භාරදෙන ලදී.
ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස් අරුමෛනායගම් සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් තුමිය ආර් කේදීස්වරන් හට නිදහස් කරන ලද ඉඩම්වලට අදාළ නිත්‍යානුකුල ලියකියවිලි භාරදෙන ලදි.
ඒ අනුව කරච්චි ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ ඉඩම් අක්කර 35.95ක්, කන්ඩාවේලි ප්‍රදේශිය ලේකම් කොට්ටාසයේ අක්කර 04ක්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ අක්කර 05 ක් සහ තුනුක්කායි ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ අක්කර 0.33ක් නිදහස් කරන ලදී.
මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා,57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය,65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම, 66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක, ජ්‍යෙෂඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් සහභාගි විය.