Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 14:16:56 Hours

කිලිනොච්චි විධායක නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සදහා අන්තර් ක්‍රියාකාරී භෝජන සංග්‍රහයක් සංවිධානාය කරයි

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩීජීඑස් සෙනරත්යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ උපදෙස් අනුව කිලිනොච්චි විධායක නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් සදහා සාකච්ඡාවක් සහ රාත්‍රි භෝජන සංග්‍රහයක් 2020 අගෝස්තු මස 27 වන දින සංවිධානය කරන ලදී. කිලිනොච්චි යුධ හමුදා නිලධාරීන් සහ රජයේ කාර්යාල, රජයේ ප්‍රධාන ආයතන වල විධායක මටිටමේ නිලධාරීන් අතර, අන්තර් පුද්ගලික අවබෝධය සහ සම්බන්ධීකණය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සංගමය 2020 මාර්තු මස 05 වන දින 571 පාබල බලසේනා මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

571 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩීකේඑස්කේ දොලගේ යූඑස්පී පීඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙය සංවිධානය කරන ලදී. විධායක මටිටමේ නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් අතර, අවබෝධය ප්‍රවර්ධනය කිරිම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර,සාමාන්‍ය අවස්ථා සහ හදිසි අවස්ථා වලදී ඵලදායි කාර්ය සාදනයක් සදහා ආයතන අතර සම්බන්ධිකරණය වර්ධණය කිලිනොච්චි මහ ජනතාවගේ සමාජ ආර්ථික යහපැවැත්ම සදහා සාමුහික ප්‍රජා ආධාර ව්‍යපෘති පැවැත්වීම සහ ඔවුන්ගේ ක්ෂේත්‍ර පිලිබද අදහස් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී වූ අතර, කිලිනොච්චි නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ මහතා කිලිනොච්චි බලප්‍රෙද්ශයේ පොලිස් ස්ථාන භාර සියළුම අණදෙන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් යුධ හමුදා නිලධාරීන් 26 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු සහභාගී විය. තවද කිලිනොච්චි අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍රි මොහාන් මහතා ප්‍රෙද්ශීය ලේකම්වරුන්, අධ්‍යක්‍ෂකවරුන්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, සහකාර කෙමසාරිස්වරුන් සහ රජයේ දෙපාර්තුමේන්තු ආයතනවල ප්‍රධානීන් ඇතුළු විධායක නිලධාරීන් 41 දෙනෙකු සහභාගී විය.