Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th September 2018 21:22:06 Hours

කිලිනොච්චි රාජකාරි නියුතු යුධ හමුදා සාමජිකයින් හට අංගම්පොර සටන් පුහුණු පාඨමාලාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයක් මත කිලිනොච්චි බළ‍ප්‍රදේශය තුල රාජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් හට අංගම්පොර සටන් කළාව පිලිබද පුහුණු කිරිමට නියමිත පාඨමාලාවේ ආරම්භක උත්සවය 2018 සැප්තැම්බර් මස 17 වන දින කිලිනොච්චි ඉරණමඩු නෙළුම්පියස ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.

යුද්ධ හමුදා අංගම්පොර සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ අධික්‍ෂණය යටතේ මෙම පාඨමාලාව පවත්වන අතර, අංගම්පොර සටංකලා පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් රිටිගල සිංහක්කාර පරපුරේ කලාකීර්ති කලාවිභුෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා කටයුතු සිදුකරනු ලබන බැවින් මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 100 දෙනෙකු සහභාගිවන අතර, පාඨමාලාවට සහභාගීවන සියලු නිළයින්හට ආත්ම ආරක්‍ෂක සටන් උපක්‍රමවල නිපුණත්වයක් ලබාදීම, ශාරීරික ශක්තිය, විඳදරා ගැනීම සහ ආත්ම ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් සම්පාදනය කර ඇති අංගම්පොර සටන් පුහුණු පාඨමාලාව 2018.09.17 වන දින සිට 2019.10.17 වන දින දක්වා පැවැත්විමට නියමිතව ඇත.

මෙම ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවු අතර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ප්‍රධාන මාණ්ඩළික නිලධාරි, යුධ හමුදා අංගම්පොර සංවිතයේ ලේඛම් ලුතිතන් කර්නල් රවින්ද්‍ර ජයසිංහ සහ අංගම්පොර සංචිතයේ භාණ්ඩාගාරික මේජර් ලංකා ඉදිරිසිංහ ඇතුළු බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්,ජ්‍යෙෂඨ නිලධාරින් ඇතුළු අනෙකුත් නිලධාරින් සහ සෙසු නිළයින් මෙම අවස්ථාවට සහභාගිවන ලදි.