Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th July 2018 07:13:32 Hours

කිලිනොච්චි රාජකාරි නියුතු යුද්ධ හමුදා භඨපිරිස්හට හින්දු ආගම පිළිබඳ දැනුවත් කිරිමේ දේශණයක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයකට අනුව මෙම මුලස්ථානය හා යටතේ පාලනය වන ඒකකයන්හි භඨපිරිස් හට මෙම බළප්‍රදේශයේ ආගමික වතාවත් සිදුකිරිමේදි ජාති ආගම් කුල හා පන්ති බේදයකින් තොරව එක්සත්ව කටයුතු කිරිම සෑම ජාතියකම සංස්කෘතික උරුමයන්ට හා සැම ආගමකම වත්පිළිවෙත් වලට ගරකිරිම වැදගත්වන බැවින් ඉරණමඩු කණකම්බිගෙයි අම්මාන් කෝවිලේ සාමාජිකයින් වන නාගලිංගම් සුදිනාදන් සහ නඩරාජා සෙල්වරාජා යන මහත්ම දෙපල විසින් හින්දු ආගම පිලිබඳ හරවත් දේශණයක් 2018.07.04 වන දින මෙම මුල ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

මෙම හරවත් දේශණය සඳහා භඨපිරිස් 100 දෙනෙකු සහභාගිවු අතර, නාගලිංගම් සුදිනාදන් සහ නඩරාජා සෙල්වරාජා දේශක මහත්ම දෙපළට තිළණයන් ප්‍රධානය කිරිමේ අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ප්‍රධාන මාණ්ඩළික නිළධාරි (සම්බන්ධිකරණ) ලුතිතන් කර්නල් එස් ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි නිළධාරි සහභාගිවන ලදි.