Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2018 21:23:37 Hours

කිලිනොච්චි රාජකාරි නියුතු යුද්ධ හමුදා භඨ පිරිස් විසින් අධික වර්ෂාව හේතුවෙන් උයිලම්කුලම් වැවෙහි හානියට පත්වු වැව් බැම්ම තාවකාලිනව පිලිසකර කිරිම.

ආරක්ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) යටතේ ස්ථාපිත 65 වන සේනාංක බළප්‍රදේශයට අයත් තුණුක්කායි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උයිලන්කුලම් ග්‍රාමසේවා වසමේ පිහිටා තිබුන උයිලන්කුලම් වැවේහි වැව් බැම්ම පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2018.05.26 වන දින ගිලා බැසින ලදි.

උයිලම්කුලන් වැවෙහි වැව් බැම්ම ප්‍රථිසංස්කරණ කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්‍ෂනය යටතේ 2018.05.26 වන දින 1600 පැයේ සිට 0030 පැය දක්වා (පැය 08 විනාඩි 30) කාලය තුල සිදුකල අතර,ඒසඳහා පොලිසැක් උර 2800ක්ද පස් ටැක්ටර් ටේලර් 75ත් අතර ප්‍රමාණයක් වැව් බැම්ම තාවකාලිකව ප්‍රථිසංස්කරණ කිරිම සඳහා වැයවන ලදි.