Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th November 2018 14:57:42 Hours

කිලිනොච්චි යුධ හමුදාව මගින් පාසල් ළමුන් හට පාසල් උපකරණ ලබාදිම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 652 වන බළසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්දගේ සංවිධානයෙන් අමදිපුරම් ප්‍රාථමික විද්‍යාලයේ සහ ආරෝග්යලපුරම් ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභි පවුල්වල දරු දැරියන් 97 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදිමේ උත්සවයක් 2018.11.02 වන දින පවත්වන ලදි.

මෙහිදි පාසල් ළමුන් වෙත පාසල් බෑග්,කබා සහ යට ඇදුම් ලබාදිම සඳහා කුරුණෑගල විජේරත්න මහතා සහ සුමනා විජේරත්න මහත්මිය විසින් පරිත්‍යාග කටයුතු සිදුකල අතර. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 652 වන බළසේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද සහභාගිවු අතර, ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් ඇතුළු සෙසුනිළයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වන ලදි