Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th July 2018 15:15:08 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා භඨපිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් සිදුකිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ අධික්ෂසණය යටතේ 2018 ජුනි මස 29 වන දින එම සේනාංක බළප්‍රදේශය තුල ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදි.

මෙහිදි 651 බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 11 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් කරියලනාගපඩිඩුවාන් ඇල මාර්ගය දෙපස සුද්ධ පවිත්‍ර කිරිම සිදුකරනු ලැබු අතර, 652 බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 7 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බළමුලුවේ භඨ පිරිස් විසින් අක්කරායන්කුලම් පුල්ලයාර් හින්දු කොවිල් භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.