Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd June 2018 08:34:16 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා භඨපිරිස් විසින් ජාතික පරිසර සතිය හා ජගත් පරිසර දිනය වෙනුවෙන් ශ්‍රමදාන වැඩසටහනක් සිදුකිරිම

2018 ජුනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමිව ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත මෙම මුලය සහ ඉනපෙ (කිලි) හා යටතේ රාඡකාරි නියුතු ඒකකයන්හි භඨ පිරිස් විසින් 2018.06.02 වන දින ඒ 9 මාර්ගය දෙපස සහ කිලිනොච්චි නගරය තුල පරිසර සංරක්ෂණ වැඩසටහන් පවත්වන ලදි.

යුද්ධ හමුදා සාමාජිකයින් 350 දෙනෙකු මෙම පරිසර සංරක්ෂණ වැඩසටහන සදහා සහභාගි වු අතර, ඔහුන් විසින් ඒ 9 මාර්ගය දෙපස කිලෝ මිටර් 16ක ප්‍රමාණයක් සුද්ධ පවිත්‍ර කරන ලදි.