Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th July 2018 15:22:57 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා භඨපිරිස් විසින් ගනේශපුරම් වාරි ඇළ මාර්ගය පිළිසකර කිරිම

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් පරිදි 2018 ජුනි මස 30 වන දින ගනේෂපුරම් කෘෂිකාර්මික කටයුතු සිදුකිරිම සඳහා ඉරණමඩු ජලාශයේ සිට ජලය සපයනු ලබන ප්‍රධාන ඇල මාර්ගය 571 බළසේනාවේ භඨපිරිස් සහ සිවිල් ජනතාවගේ සහභාගිත්වයෙන් පිළිසකර කරන ලදි.

ගනේෂපුරම් ගොවි සංවර්ධන සමිතිය මගින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත කරනලද ඉල්ලිමකට අනුව මෙම ඇල මාර්ගයේ පිලසකර කටයුතු සිදුකල අතර, එමගින් ප්‍රදේශයෙ සිවිල් ජනතාවට මෙන්ම ජයන්තිනගර් කුරුලම්හි පිහිටා ඇති මහා දේවාශ්‍රම ළමා නිවාසයේ සිටින නේවාසික ළමුන් සඳහාද ඇවැසි ජල අවශ්‍යතාවයන් සපයා ගැනිමට හැකියාවක් උදාවිය.