Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th September 2018 22:02:01 Hours

කිලිනොච්චි යුද හමුදාව විසින් නියගයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් වෙත පානිය ජලය ලබාදිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක බළප්‍රදේශයේ රාජකාරි නියුතු 571 බළසේනාවට අයත් කිලිනොච්චි භාරතිපුරම් ප්‍රදේශයේ සිවිල් ජනතාව මේ දිනවල පවතින නියන් කාළගුණික තත්වය හේතුවෙන් පානිය ජලය නොමැතිව මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බැවින් එය මගහරාවා ගැනිම සදහා 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පානිය ජලය ලබාදිමේ වැඩසටහනක් ආරම්භකරන ලදි.

මෙහිදි පවුල් 350 කට යුධ හමුදා බවුසර් මගින් මාර්ගය දෙපස ප්ලාස්ටික් බැරල් යොදා එම බැරල්වලට සහ සිවිල් වැසියන්ගේ පුද්ගලික උපකරණ වලට ජලය සැපයිම සිදුකල අතර, භාරතිපුරම් විද්‍යාලය සහ අන්නායිසාරධා කණිෂ්ඨ විද්‍යාලය යන පාසැල්හි ඉගෙනුම ලබන ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා ද පානිය ජලය සැපයිම සිදුකරන ලදි.